තීරු බදු රහිතව මෙරටට ගෙන් වූ සිගරට් තොගය

ඊයේ (28) සවස 2.30 ට පමන තීරු බදු රහිතව මෙරටට ගෙන් වූ සිගරට් 10000 ක ප්‍රමාණයක් සොයා ගෙන ඇත. මාලිගාවත්ත පොලිසිය විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී මාලිගාවත්ත පොලිස් වසමේ ප්‍රදීපා මාවතේ දී ත්‍රීරෝද රථයක තිබී මෙම සිගරට් තොගය සොයා ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු සිදු කළ අනාවරණයකට අනුව මාලිගාවත්ත මහල් නිවාස පරීක්ෂා කීරීමේ දී තවත් සිගරට් 262000ක් අඩංගු කාටුන් තොගයක් ද සොයා ගෙන ඇත සිද්ධියට සම්බන්ධ 34 හැවිරිදි සැකකරු කොළඹ 10 පදිංචිකරුවෙකි මෙම පුද්ගලයා අද (29 ) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 

උපුටා ගැනීම – දිණමින පුවත් පතිනි.

Related posts

Leave a Comment