තුන් මාසෙට දිනකට කලින් මෘත දේහය කොරෝනා බවට තහවුරු වෙයි

ඊයේ දිනයේදී මෙරටින් තවත් කොවිඩ් මරණ 02 ක් වාර්තා වුණා.

ඒ අනුව, මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 561 ක් දක්වා ඉහළ යනවා.

ඊයේ(28) දිනයේ වාර්තා වූ මරණ 2න් එක මරණයක් පසුගිය 2020 වසරේ දෙසැම්බර් මාසයේ 29 වැනි දින රෝහලට ඇතුලත් කරන අවස්ථාවේදීම මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ දැක්වෙනවා.

එම මරණය මෙලෙස කොවිඩ් ආසාදිතව මියගිය බවට වාර්තා කරනු ලබන්නේ මාස 3ක් ගතවීමට එක් දිනක් ඉතිරිව තිබියදී වීම විශේෂත්වයක්.

Related posts

Leave a Comment