උත්සව සමය වෙනුවෙන් විශේෂ රථවාහන මෙහෙයුමක්

එළඹෙන උත්සව සමයේදී මාර්ග අනතුරු අවම කිරීමේ අරමු‍ණෙන් අප්‍රේල් 01 වනදා සිට විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

විශේෂයෙන් දුර ගමන් සේවා බස්රථ සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් යෙදවීමට පියවර ගන්නා බව ඒ මහතා සදහන් කළේය.

මේ අතර දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ත්‍රීරෝද රථ සහ යතුරු පැදි සොරකම් කිරීමේ සිද්ධීන් 04 ක් වාර්තා වී තිබේ.

විවිධ පුද්ගලයින් විසින් සංවිධානාත්මක ලෙස ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සොරකම් කිරීම් පිළිබඳ වාර්තා වන බැවින් ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දෙයි.

Related posts

Leave a Comment