සිසු සැරිය බස් රථත් ධාවනයට

දිවයිනේ සියලූ පාසල් අද (29දා) විවෘත කිරීමත් සමඟ සිසු සැරිය බස් රථ සුපුරුදු පරිදි යෙදවීමට කටයුතු කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා ඊයේ (28දා) පැවසීය.

ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට අමතරව මෙම සිසු සැරිය බස් රථද ධාවනය කරන බවත්, සෞඛ්‍යාරක්ෂිතව එම කටයුතු සිදු කරන ලෙස ඩිපෝ අධිකාරිවරුන්ට දැනුම් දුන් බවත් ඒ මහතා පැවසීය.

පෞද්ගලික බස් රථද සෞඛ්‍ය ආරක්ෂිතව ධාවනය කිරීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ට පැවසීය.
උපුටා ගැනීම – දිවයින පුවත්පත

Related posts

Leave a Comment