ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (29) දා, ශ්‍රී ලංකාවේ මූල්‍ය ඉතිහාසය තුළ ඇමෙරිකන් ඩොලරයක විකුණුම් මිල මෙතෙක් වාර්තා වූ ඉහළම අගය ලෙස රු.201.77ක් ලෙස වාර්තා විය. එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල මීට පෙර ඉහළම අගය සටහන් වූයේ රු.201.75ක් ලෙසය. ඒ පසුගිය 17දාය. එමෙන්ම මහ බැංකුව නිකුත් කළ දත්තයන්ට අනුව ඩොලරයේ ගැනුම් මිල රු.197.28ක් ලෙස දැක්වෙන අතර, එය පසුගිය 17දා රු.197.58ක් ලෙස ඉතිහාසයේ ඉහළම ගැනුම් මිලද ලෙසද වාර්තා කළේය.
ඇමෙරිකන් ඩොලරය ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි
