ජල පහරකට ගසාගෙන ගොස් දෙදරු මවක් මරුට

මේ දිනවල සවස් කාලයේ මහනුවර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග මහනුවර පොලිස් බල ප්‍රදේශයේ පූර්ණවත්ත ප්‍රදේශයේ තිදරු මවක තම නිවෙස අසල ජල කාණුවකට වැටී ගසාගෙන ගොස්  මියගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි. පෙරේදා (29 ) එම කාන්තාව තම නිවස අසලින් ගලා යන ජල කාණුවේ සිරවී තිබූ පොලිතීන් කැබැල්ලක් ඉවත් කිරීමට යාමේදී එම කාණුවට වැටී ගසාගෙන ගොස් ඇති අතර, ඇය එම ස්ථානයේ සිට කිලෝමීටරයක් පමණ ජල පහරේ ගසාගෙන ගොස් මහයියාව බිංගෙය අසල රැඳී තිබියදී ඇයගේ මළ සිරුර හමුවී තිබේ. ඇයගේ සැමියා ඇයව බේරා ගැනීමට උත්සාහ කලද ඔහුද ජල පහරේ කිලෝමීටර භාගයක් පමණ ගසාගෙන ගොස් ජල කණුවේ තිබු බටයක් අල්ලාගෙන දිවි බේරාගෙන තිබේ. සිද්ධියෙන් මියගොස් ඇත්තේ මහයියාව ගෝනවත්ත ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් වූ 47 හැවිරිදි  ෆාතිමා පියාසා නැමැති කාන්තාවකි.

Related posts

Leave a Comment