වෙනිසියුලා විපක්ෂ නායක ගුවයිඩෝට කොරෝනා

තමාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවත්, මේ වනවිට මෘදු රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවත් වෙනිසියුලාවේ විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝ පවසා සිටියි. තමා හුදෙකලා වී සිටින බවත් රට තුළ ඇති වන ආසාදන සංඛ්‍යාව පිළිබඳව කනස්සල්ලෙන් පසුවන බවත් ගුවයිඩෝ සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත.

“වසංගතයෙන් පීඩා විඳින වෙනිසියුලානු ජාතිකයන් දහස් ගණනක් වෙත මගේ සහයෝගය ප්‍රකාශ කිරීමට මට අවශ්‍යයි. අද අප සැමට කොවිඩ්-19 බලපෑමට ලක්වූ ඥාතියෙකු හෝ මිතුරෙකු සිටිනවා.” වෙනිසියුලානු විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related posts

Leave a Comment