පිළිකා කාරක පොල්තෙල් එළියට ඇවිත් නෑ – ලන්සා

පිළිකා කාරක රසායනිකයක් අඩංගු බව අනාවරණය වී ඇති පොල්තෙල් තොගය වෙළඳපොලට නිකුත් වී නොමැති බවත් රජයක් වශයෙන් එය වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බවත් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා මේ බව පැවසුවේ ඊයේ (28) පැවති රැස්වීමක් අමතමින්.

“ඉතාමත් පැහැදිලිව කියන්න තියෙන්නෙ දැන් රටේ දිගටම කතා කරනවා පිළිකා කාරක පොල්තෙල් එළියට ඇවිල්ලා කියලා. අපි ආණ්ඩුවක් විදියට කියනවා එහෙම කිසිවක් එළියට ඇවිල්ලා නෑ. ඒ නිසා ඒ ශරිරයට අහිතකර සියලුම පොල්තෙල් ටික ප්‍රතිඅපනයනය කරන්න ඒ ආයතනවල උපදෙස් දෙනවා කියන එක තමයි අපට කියන්න තියෙන්නෙ” යැයි ඒ මහතා පවසයි

Related posts

Leave a Comment