ඇඟිලි තුඩින් ගන්නා ලේ බිඳුවකින් කොරෝනා ආසාදිතයන් හඳුනාගත හැකි පහසු ක්‍රමවේදයක්

කොරෝනා ආසාදිතයන් හඳුනාගත හැකි පහසු රුධිර පරීක්ෂණ ක්‍රමවේදයක්, මෙරට මහාචාර්ය නීලිකා මලවිගේද ඇතුළත් ඔක්ස්ෆර්ඩ් සරසවි විශේෂඥ කණ්ඩායමක් විසින් සොයාගෙන තිබෙනවා.

කොරෝනාවෛරස් ප්‍රතිදේහ පරීක්ෂා කෙරෙන මෙම පරීක්ෂණය ඇඟිලි තුඩකින් ලබා ගන්නා රුධිර බිඳුවකින් සිදුකිරීමට හැකිවීම විශේෂත්වයක්.

එය ඉක්මන් හා භාවිතයට ඉතා පහසු ක්‍රමවේදයක් බවයි පර්යේෂකයින් පවසන්නේ.

මෙම පරීක්ෂනය සඳහා ශ්‍රි ලංකාව, තායිවානය, ඉන්දියාව, තායිලන්තය සහ ප්‍රංශය යන රටවල විද්‍යාඥයින් මෙන්ම බ්‍රිතාන්‍යයේ පර්යේෂකයින් කණ්ඩායමක් ද එක්ව සිටියා.

මූලික අත්හදා බැලීම් වලදි ඉතා සාර්ථක ප්‍රතිපල පෙන්වූ මෙම පරීක්ෂණය සාර්ථකව ප්‍රතිදේහ ජනනය කළ පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා භාවිත කිරීමට හැනි බවයි එහි පර්යේෂකයින්
පවසන්නේ.

මෙම පරීක්ෂණය හරහා විශාල පර්යේෂකයන්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ට ප්‍රජාව තුළ ආරක්ෂිත ප්‍රතිශක්තිය පිළිබඳ මට්ටම් වඩාත් පහසුවෙන් සොයා ගත හැකි වනවා.

කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිදේහ තිබේද යන්න හඳුනාගත හැකි වාණිජ පරීක්ෂණ කිහිපයක් දැනටමත් ඇති නමුත් ඒවා මිල අධික වන අතර එම පරීක්ෂණ විශ්ලේෂණය සඳහා පහසුකම් සහිත රසායනාගාරද අවශ්‍ය වනවා.

මෙය විශේෂයෙන් අඩු ආදායම් ලබන රටවලට ගැටලුවකි.

මේ අතර මෙම පර්යේෂණය සඳහා මෙරටින් එක්වූ මහාචාර්ය නිලීකා මලවිගේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ මෙම ප්‍රථිපල ලබා ගැනීම සඳහා නියැඳි 3000ට වඩා පරීක්ෂා කළ බවයි.

Related posts

Leave a Comment