පසුගියදා (24) ජනමාධ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ හා අමාත්‍යාංශ ලේකම් ජගත් පී. විජේවීර මහතාගේ සහභාගිත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශ ඇසිදිසි මැඳුරේදී ලෝවැසි සැමට සෙත්පතා වාර්ෂිකව පවත්වනු ලබන සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනය රාත්‍රී 8.00 සිට 25 වැනි දින පහන්වනතුරු පැවැත්විණි. එදින මහා සංඝරත්නය වෙනුවෙන් පිරිනමන දානමය පුණ්යකර්මයෙන් පසුව පින්කමේ කටයුතු නිමාවිය. සෞඛ්‍ය ආරක්ෂක උපදෙස්වලට අනුව ඇසිදිසි ක්‍රිකට් ක්‍රීඩා සමාජය හා කාර්ය මණ්ඩලය ඒකාබද්ධව මේ පින්කම සංවිධාන කෙරිණි. සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනය කිරුළපන සිරි ඇලන් මැතිනියාරාමාධිපති යෝගීයානේ සෝභිත තිස්ස අමරපුර මූලවංශික නිකායේ අනුනායක ස්වාමීන් වහන්සේ සහ උඩුවේ ධම්මාලෝක නායක හිමියන් ප්රමුඛ මහාසංඝරත්නය විසින් සිදුකරන ලදී.
ජනමාධ්‍ය අමාත්‍යාංශ ඇසිදිසි මැඳුරේ පිරිත් පින්කම
