ඩෙංගු මර්දනයට වඳ මදුරුවන් ලක්ෂයක් සමාජයට

අද(30) සිට දින 03 ක කාලයක් බස්නාහිර පළාත පුරා ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, බස්නාහිර පළාතේ අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 29ක එම වැඩසටහන අද සිට ක්‍රියාත්මක කෙරෙන බවයි.

2021 වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගින් 4700 ක් වාර්තා වී තිබේ.

එම කාලය තුළ මියගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 03 කි.

මේ අතර ඩෙංගු මර්දනය සදහා වඳ මදුරුවන් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් මුදා හැරීම ඊයේ ගම්පහ, කිඩගම්මුල්ල ප්‍රදේශයේදී සිදුවිය.

කැලණිය විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨය මගින් ක්‍රියාත්මක කළ පරීක්ෂණයකට අනුව ජාතික ඩෙංගු මර්දන ඒකකය, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය ඇතුළු ආයතන ගණනාවකගේ සහයෝගයෙන් මෙම ඩෙංගු මර්දන ක්‍රියාවලිය සිදු කෙරිණි.

අදාල ප්‍රදේශයෙන් ලබා ගන්නා මදුරු කීටයින්ගෙන් පිරිමි මදුරුවන් තෝරාගෙන එම පිරමි මදුරුවන් වන්ද්‍යාකරණයට ලක් කර මෙම ප්‍රදේශයට මුදාහැරීම මෙහිදී සිදුවේ.

Related posts

Leave a Comment