තැපෑල ලෙඩවෙයි

ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තැපැල් සේවකයින් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.

තැපැල් සේවයට නව සේවකයින් බඳවා ගන්නා ක්‍රියාමාර්ගයට විරෝධය පළ කිරීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බව ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමයේ සභාපති චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රී 12.00 සිට අද (31) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 24ක කාලයක් ඔවුන් අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වීමට නියමිතය.

කෙසේවෙතත් වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

එහෙත් නිවාඩු අවලංගු කළ ද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදුකරන බව එම සංගමයේ චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.

Related posts

Leave a Comment