මෙරට කොවිඩ් එන්නත්කරණය ලක්ෂ නවය ඉක්මවයි

ඊයේ (30) දිනට පමණක් පුද්ගලයන් 9752 කට කොවිඩ් එන්නත්කරණය සිදු කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි. ඊයේ (30) රාත්‍රී 8.30 වන විට මෙරට කොවිඩ් සඳහා එන්නත්කරණය සිදු කළ පුද්ගලයන් සංඛ්‍යාව 913,219 දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම අද (31) දිනටයේ දී චීනයේ නිෂ්පාදිත “සිනොෆාම්“ (Sinopharm) කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 06ක්  මෙරටට ලැබීමට නියමිතව තිබේ. මෙරට වෙසෙන චීන ජනතාවට අදාළ එන්නත් ප්‍රථමයෙන් ලබා දෙමින් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන බව චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එරට රජයේ පරිත්‍යාගයක් ලෙස එම එන්නත් තොගය ශ්‍රී ලංකාවට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. 

උපුටා ගැනීම – දිණමින පුවත් පතිනි.

Related posts

Leave a Comment