ළහිරු තිරිමාන්න 55යි – කොදෙව්වෝ පෙරමුණේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවැනි දිනය නිමා වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 136ක් රැස්කර තිබුණි.

ළහිරු තිරිමාන්න 55 යි. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ තෙවැනි කඩුල්ල ලෙස මුළු ලකුණු 77ක්ව තිබියදී දැවී ගියේය.

අනතුරුව කඩුල්ලේ එක්වූ දිනේෂ් චන්දිමාල් (නොදැවී 34) සහ ධනංජය ද සිල්වා (නොදැවී 23) 4වැනි කඩුල්ල වෙනුවෙන් මේ දක්වා ලකුණු 59ක් එක්කර තිබේ.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 354ක් ලබාගැනිමට සමත් විය.

එහිදී ක්‍රේග් බ්‍රැත්වයිට් ලකුණු 126ක් ලබාගත්තේය. ඒ ඔහුගේ 9 වැනි ටෙස්ට් ශතකය වේ. රකීම් කොර්න්වොල් ලකුණු 73යි.

පන්දු යැවිමේදී සුරංග ලක්මාල් කඩුලු 04ක් දවාගත් අතර දුෂ්මන්ත චමීර කඩුලු 3ක් දවා ගත්තේය.

Related posts

Leave a Comment