රංජන් රාමනායකගේ පෙත්සම – නොතීසි නිකුත් කරන්නේද නැද්ද යන තීන්දුව අප්‍රේල් 05

රංජන් රාමනායක මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීම සඳහා “නොතීසි නිකුත් කරන්නේද නැද්ද” යන්න තීන්දුව ප්‍රකාශකිරීම ලබන මස 05 වනදා දක්වා කල්තබන බව අභියාචනාධිකරණය පවසයි.

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිර දඬුවම් විඳින රංජන් රාමනායක මහතා විසින් ඉදිරිපත් කළ එම පෙත්සමේ තීන්දුව අද (31) දින ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණි.

කෙසේවෙතත්, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල සඳහන් කළේ තීන්දුව මේ දක්වා සූදානම් කර නොමැති බවය.

ඒ අනුව, එම තීන්දුව ලබන 05 වනදා ප්‍රකාශයට පත්කරන බව විනිසුරු මඩුල්ල දැනුම් දුනි.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබේ.

Related posts

Leave a Comment