දොඩංගොඩ තරුණයෙක් අභිරහස් ලෙස මියයයි

විදුලිබල මණ්ඩලයට අයත් අම්බලන්ගොඩ සීනිගොඩ පිහිටි නඩත්තු ඒකකයේ සේවය කළ පුද්ගලයෙකුගේ මරණය සිදුවු ආකාරය සම්බන්ධයෙන් මේ වන විට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

එලෙස මියගොස් ඇත්තේ 24 හැවිරිදි ප්‍රියදර්ශන් පුෂ්පකුමාර නැමති අවිවාහක කළුතර, දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයා විදුලි කම්බි ඇදීමේ කටයුතු සඳහා ඌරගස්මංහන්දිය, යටගල වල්ඉඟුරුකැටිය ප්‍රදේශයට ගොස් සිටිය දී සිදුවු තුවාලයක් හේතුවෙන් රෝහල් ගත කර තිබුණි.

ඔහු රෝහල්ගත කරන විට සෙසු සේවයකයින් රෝහලට පවසා ඇත්තේ, යකඩ කූරක් ඇනීම හේතුවෙන් අදාළ පුද්ගලයාගේ බඩ ප්‍රදේශය තුවාල වී ඇති බවය.

කෙසේවෙතත් වෛද්‍යවරු ඉක්මනින් තුවාලකරු ශල්‍යකර්මයක් සඳහා යොමුකර ඇති නමුත් පැය කිහිපයකට පසුව ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය පුද්ගලයාගේ තුවාලය වෙඩි වැදීමකින් සිදුවුවක් බවට වෛද්‍යවරු සැකපළ කරති.

මේ පිළිබඳ ඌරගස්මංහන්දිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

මියගිය පුද්ගලයාගේ දේහය මේ වන විට පීසීආර් පරීක්ෂණය සඳහා බලපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර ඉන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

Related posts

Leave a Comment