යාපනයේ ඉඳලා අනුන්ගේ ගිණුම්වලින් කෝටි 50ක් ඇදලා

විවිධ රටවල සිටින පුද්ගලයන්ගේ ගිණුම්වලට අන්තර් ජාලය ඔස්සේ පිවිස රුපියල් කෝටි පනහකට ආසන්න මුදල් ලබාගත් පුද්ගලයකු විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් ඊයේ (31 දා) උදේ යාපනයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මොහු වසරක් ඇතුළත මෙසේ මුදල් වංචා සහගතව ලබාගෙන සිට ගිණුමට බැර කර ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය. මොහු රුපියල් කෝටි පනහකට ආසන්න මුදලක් මෙසේ උපයාගෙන සුපිරි ජීවිතයක් ගතකර තිබේ.

මොහු මෙරට පදිංචි පුද්ගලයන්ගේ ගිණුම්වලට සම්බන්ධවී සිය ජාවාරම සිදුකර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම පුද්ගලයා පිළිබඳව කාලයක් තිස්සේ සෙවිල්ලෙන් පසුවී චාවකච්චේරිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

Leave a Comment