සැහැල්ලූ ප‍්‍රවාහන ගුවන් යානා බලඝනය වසර 25 ක් සමරයි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 8 උපායමාර්ගික ප‍්‍රවාහන බලඝණය වයි-12 ප‍්‍රවාහන ගුවන් යානාවන්ගෙන් සහ බී200 නිරීක්‍ෂණ ගුවන් යානාවන්ගෙන් සමන්විතව, 1996 වසරේ අපේ‍්‍රල් මස 2 වන  ස්ථාපිත කරන ලදී. 

පසුව, 2011 වසරේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අභ්‍යන්තර ගුවන් ගමන් පහසුකම් සැපයීමේ සේවාව වන හෙලිටුවර්ස්  සේවාව යටතේ එම්ඒ60 මගී ප‍්‍රවාහන ගුවන් යානාවන් ද්විත්වයක් හඳුන්වාදීමත් සමගම අංක 8 ගුවන් යානා බලඝණයේ ගුවන් යානා සංචිතය ඉහළ නැංවිණි.   වර්තමාන ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහාතා මුල් අවධියේදි මෙම ගුවන් යානා පියාසර නියමුවකු ලෙස හා උපදේශයකු ලෙස ද කටයුතු කොට ඇති අතර විශ‍්‍රාමික ගුවන් හමුදාධිපතිවරුන් බොහොමයක් දෙනෙක් මෙම ගුවන් යානා වනහි ගුවන් නියමුවන් වශයෙන් කටයුතු කර ඇත .

 ශ‍්‍රී ලංකාව තුල ත‍්‍රස්ථවාදී ගැටුම් උත්සන්න වු  මුල් අවධියේදී ගුවන් හමුදාව සතු ප‍්‍රහාරක ගුවන් යානාවන් අවම වීම හේතුවෙන් අංක 8 ප‍්‍රවාහන බලඝණයට අයත් වයි12 ගුවන් යානයවන් මගින් බෝම්බ සතුරු ඉලක්කයන් වෙත හෙලීමෙන් ප‍්‍රහාරක ගුවන් මෙහෙයුම් සඳහාද දායකත්වය දක්වන ලදී. අංක 8 ප‍්‍රවාහන බලඝණයට අයත්  බිචි කිං එයාර් බී200 Beechcraft ගුවන් යානය මූලිකවම ප‍්‍රභූ ප‍්‍රවාහන ගුවන් යානාවක් වුවද, 1996 වසරේදී බුද්ධි සන්නවේදන උපකරණයන්ගෙන් හා දිවා/රාතී‍්‍ර කැමරාවකින් සමන්විතව ආවේක්‍ෂණ ගුවන් යානාවක් ලෙස පරිවර්තනය කරන ලදී. බී200 යානයෙන් ලබාගත් සජීවී දර්ශන දේශපාලනික උපායමාර්ගික මට්ටමේ සිට යුධමය උපායික මට්ටම දක්වා සියළුම තලයන්හි භාවිතයට ගන්නා ලදී. 

 මෙම බලඝණයට අයත් ගුවන් යානවන් මගින් සෙබළුන් ප‍්‍රවාහනය හා භාණ්ඩ ප‍්‍රවාහනයට අමතරව වර්ථමානය වනවිට ගුවන් ආවේක්‍ෂණ මෙහෙයුම්, විශේෂ ප‍්‍රභූ ප‍්‍රවාහනය, සෝදිසි කිරීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගුවන් මගින් බෙදහැරීමෙි මෙහෙයුමි සදහාද .සිවිල් මගීන් වෙනුවෙන් අභ්‍යන්තර ගුවන් ගමන් පහසුකම් සැලසීම. වළාකුළු සැකසිමෙන් කෘතිම වැසි ඇති කිරිම සදහා   පර්යේෂනාත්මක ව්‍යාපෘති.යන කාර්්‍යයන් සදහා ද සක‍්‍රිය දායකත්වය සපයනු ලබයිඅභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන අංක 8 උපායමාර්ගික ප‍්‍රවාහන බලඝණය ගෙවුණු වසර 25 ක කාළය මුළුල්ලේ දේශයේ උන්නතිය උදෙසා සුවිශේෂි කාර්යභාරයක් ඉටුකොට ඇති අතර බලඝණයේ වර්තමාන අණදෙන නිළධාරී තුමන් ලෙස ගෲප් කැප්ටන් පූජන ගුණතිලක නිළධාරිතුමා කටයුතු සිදුකරනු ලබයි .

උපුට ගැනීම – දිණමින පුවත් පතිනි.



Related posts

Leave a Comment