උත්සව සමයේ ප්‍රවේශමින් රිය පදවන්න – අජිත් රෝහන

මාර්ග නීතිවලට අවනතව සුපරීක්ෂාකාරීව රිය ධාවනය කරන්නැයි පොලිසිය රියැදුරන්ට දැනුම් දෙයි. ඒ වැඩිම අනතුරු සංඛ්‍යාවක් වනනේ අප්‍රේල් මාසයේ නිසා බැවිනි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ අප්‍රේල් මාසයේ 10 වැනිදා සහ 20 වැනිදා අතර කාලය මෙරට වැඩිම රිය අනතුරු වාර්තා වන කාලය බවයි.

දිවයින පුරා විවිධ ප්‍රදේශවල පෙරේදා (31) වූ රිය අනතුරුවලින් පුද්ගලයන් 5 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මේ හේතුවෙන් මාර්ග ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පදිකයන්ගෙන් සහ රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

උපුටා ගැනීම – දිණමින පුවත් පතිනි

Related posts

Leave a Comment