රන්ජන්ගේ මන්ත්‍රී ධූරය පිළිබඳ තීන්දුව අද

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුරයෙන් නෙරපීමට පියවර ගැනීම වළක්වන ලෙස ඉල්ලා රංජන් රාමනායක මහතා විසින් ගොනු කර තිබූ පෙත්සම සම්බන්ධයෙන් තීන්දුව අද (05) පෙරවරුවේ අභියාචනාධිකරණය විසින් නිකුත් කිරීමට නියමිතය.

එම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මායාදුන්නේ කොරයා යන මහත්වරුන් හමුවේ පසුගිය පළමුවැනිදා කැඳවූ අවස්ථාවේදී ලබන 12 වැනිදාට පෙර අභියාචනාධිකරණයේ නියෝගය නිකුත් නොකළහොත් සිය සේවාදායකයාගේ මන්ත‍්‍රී ධුරය අහෝසි වන බැවින් එකී නියෝගය කඩිනමින් නිකුත් කරන ලෙස රන්ජන් රාමනායක මහතාගේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

ඒ අනුව පෙත්සම්කරු ඉල්ලා සිටින පරිදි ඔහු මන්ත‍්‍රී ධුරයෙන් නෙරපීම වළක්වන අතුරු තහනම් නියෝගය නිකුත් කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් නියෝගය අද නිකුත් කිරීමට විනිසුරු මඬුල්ල දින නියම කළහ.

Related posts

Leave a Comment