චීනයෙන් මෙරටට ලැබුණු කොවිඩ් එන්නත අද (05) දිනයේ සිට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය
මෙම එන්නත් ප්‍රථමයෙන් මෙරට සිටින චීන ජාතිකයින්ට ලබාදීමට නියමිතය.
චීනයේ නිෂ්පාදිත සිනොෆාම් නමැති මෙම එන්නතේ මාත්‍රා ලක්ෂ 6ක් පසුගිය 31 වැනිදා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්.869 දරණ ගුවන් යානයෙන් මෙරටට ගෙන එන ලදි