පාස්කු ප්‍රහාරකයන්ට දැඩි දඬුවම් දෙන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසන්න්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට දැඩි දඬුවම් දෙනු ඇතැයි අපේක්ෂාවෙන් ජනතාව වත්මන් ආණ්ඩුවට දැවැන්ත ජනවරමක් ලබා දුන් නමුත් ඒ ජනවරම අද වන විට ආණ්ඩුව අවභාවිතා කරමින් සිටින බවයි. විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ පරීක්ෂණවලට අදාළ කරුණු කිහිපයක් පිළිබඳ විස්තර ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ඊයේ (05) එම දෙපාර්තමේන්තුවට කැඳවූ අවස්ථාවට එක් වෙමිනි. තම මන්ත්‍රීවරුන් ආරක්ෂා කර ගැනීමටත් ඔවුන්ට ශක්තියක් දීමටත් තමන් නිරන්තරයෙන්ම කටයුතු කරන බවද එහිදී මාධ්‍ය වෙත අඳහස් දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. වසර කිහිපයකට පෙර අමෙරිකාවට එල්ල වූ අන්තවාදී ප්‍රහාරයෙන් පසුව එරට විසින් පත් කරන ලද කොමිසමත් මෙරට පාස්කු ප්‍රහාරයෙන් පසු පත් කළ කොමිසමේ ක්‍රියාකාරීත්වයේ වෙනසත් විපක්ෂ නායකවරයා පැහැදිලි කළේය.

උපුටා ගැනීම – දිණමින පුවත් පතිනි

Related posts

Leave a Comment