කුලියාපිටියේ බුදුපිළිම කැඩූ ඉන්දීය ජාතිකයා හදිසියේ මිය යයි

කුලියාපිටිය ප්‍රදේශයේ බුදුපිළිමවලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඉන්දියානු ජාතිකයා හදිසියේ මිය ගොස් තිබේ.   වාරියපොළ බන්ධනාගාරයේ රදවා සිටි ඔහු ඊයේ(05) රාත්‍රියේ හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් වාරියපොළ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස මිය ගොස් ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය. මෘත ශරීරය වාරියපොළ රෝහලේ තැන්පත් කර ඇති අතර කොරෝනා පරීක්ෂාවකට ද ලක් කිරීමට නියමිතය.  

උපුටා ගැනීම – දිණමින පුවත් පතිනි.

Related posts

Leave a Comment