කැපුම් තුවාල සහිත පුද්ගල මල සිරුරක් ගල්කිස්සෙන් හමුවෙයි

ගල්කිස්ස පොලිස් වසමේ ගාලු පාරේ නිවසක් අසල ගෙලෙහි කැපුම් තුවාල සහිත පුද්ගල මළ සිරුරක් හමු වී තිබෙනවා. කැපුම් තුවාල සහිතව පුද්ගලයෙකු එම ස්ථානයේ වැටී සිටින බවට ලද පණිවිඩයක් මත ගල්කිස්ස පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 22ක් වු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය කළුබෝවිල මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (07) දින සිදුකිරීමට නියමිතය.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

Leave a Comment