හිමිනමකගෙන් කප්පම් ගැනීමට ගිය දෙදෙනෙකුට වැඩ වරදී

ඊයේ (අප්‍රේල් 6) කොළඹ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සිදු කළ විශේෂ මෙහෙයුමකදී හිමිනමකගෙන් රුපියල් ලක්ෂ 25ක කප්පම් මුදලක් ලබා ගැනීමට සිටි පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව ප්‍රදේශයේදී ය.

අදාළ සැකකරුවන් මොරටුව ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක හිමිනමකගෙන් රුපියල් ලක්ෂ 25ක කප්පම් මුදලක් ඉල්ලා තිබේ.

එම කප්පම් මුදලින් රුපියල් ලක්ෂ 5ක ප්‍රමාණයක් ඊයේ දින බලෙන් ලබා ගැනීමට සැකකරුවන් පැමිණ සිටි අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

සැකකරුවන් අද (අප්‍රේල් 7) දින මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

සිද්ධිය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය පරීක්ෂණයක් සිදු කරන අතර සැකකරුවන් දෙදෙනා පිළිබඳව විශේෂ විමර්ශනයක් බුද්ධි අංශ යොදවා සිදු කිරීමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

Leave a Comment