ඩ්‍රෝන කැමරාවල සහයද අතැතිව STF ඇල්ලූ කෝටි 10ක ගංජා

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් දින දෙකක් පුරා කළ මෙහෙයුමකින් රුපියල් කෝටි 10ක් වටිනා ගංජා හේන් 10ක්, පැල තවාන් 02ක් හා එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තණමල්විලල, හම්බෙගමුව සහ කොස්ලන්ද ප්‍රදේශවල මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති අතර ඒ සඳහා සූරියවැව, උඩවලව, කහවත්ත, අම්බලන්තොට හා කතරගම විශේෂ කාර්ය බළකා කඳවුරුවල නිළධාරීන් 60 දෙනෙකු සහභාගී වූ බවයි අප වාර්තාකරු කියාසිටියේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ ඩ්‍රෝන කැමරා ඒකකයේ නිළධාරීන් පිරිසක් ද මෙම වැටලීම්වලට එක්වුණා.

අත්අඩංගුවට ගත් සැකකරු සහ ගංජා හේන්වලින් ලබාගත් සාම්පල අධිකරණයට ඉදිරිපත් කිරිම සදහා තණමල්විල සහ කොස්ලන්ද යන පොලිස් ස්ථානවලට භාරදී තිබෙනවා.

Related posts

Leave a Comment