අකුණු සැර වැදී අයෙක් මරුට

අකුණු සැර වැදීමෙන් ඊයේ  (06) දිනයේ පුද්ගලයෙක් මරණයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කරයි. මෙසේ මිය ගොස් ඇත්තේ මාතර මාලිම්බඩ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි මෙම පුද්ගලයා ජංගම දුරකථනයක් භාවිතා කරමින් වෙල්යායක සිට ඇති බව ද අකුණු සැර වැදීමෙන් ජංගම දුරකථනය ද පුපුරා ගොස් ඇති බව පොලිස් වාර්තාවේ සඳහන් වෙයි. මේ අතර පෑලියගොඩ බටුවත්ත ප්‍රදේශයේ කොන්ක්‍රීට් යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීමේ දී විදුලි සැර වැදිමෙන් 19 හැවිරිදි පුද්ගලයෙක් මිය ගොස් ඇත.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment