ජංගම දුරකථනයට පෙම්බැඳි සිසුවා මවගේ අවවාදයෙන් මරුවා සමග යයි

යාපනයේ මවක් සිය දරුවාගේ ජංගම දුරකතනය ලබා ගැනීම නිසා සිත් තැවුලට පත් 14 හැවිරිදි සිසුවකු පෙරේදා (06 දා) ගෙල වැළලාගෙන මියගොස් තිබේ.

9 වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන මොහු අධ්‍යාපන කටයුතු පසෙකලා ජංගම දුරකතනයෙන් ක‍්‍රීඩා කිරීම ගැන උරණ වූ මව එය උදුරාගෙන ඇය භාරයට ගැනීම නිසා ශිෂ්‍යයා සියදිවි හානි කරගෙන තිබේ.

යාපනයේ සුළිපුරම් පිලවට්ටෙයි ප‍්‍රදේශයේ ශිවනේස්වරන් නෙරුන්ජන් නමැති සිසුවා මේ අන්දමට මියගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනය, වඩුක්කෝඩෙයි පොලිසිය පරීක්ෂණ පවත්වයි

Related posts

Leave a Comment