නැගෙනහිර පර්යන්තය දෙනවට විරුද්ධ වෙන්න කියලා අගමැතිතුමා අපෙන් ඉල්ලුවා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා ජනාධිපති ලේකම් පී බී ජයසුන්දරගේ උපායකට අනුව කොළඹ වරාය නැගෙනහිර පර්යන්ත ඉන්දීය සමාගමක් සමඟ හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන්න සූදානමක් පවතින් බවත් නමුත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම නැගෙනහිර පර්යන්ත ගිවිසුමට සම්පූර්ණ විරුද්ධව බවත් වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමය සඳහන් කරයි.

මෙම කූට උපාය සඳහා ඊට විරුද්ධ වන ලෙස අග්‍රාමාත්‍යතුමන් තම සේවක සංගමයෙන් ඉල්ලා සිටි බවත් ඔවුන් කියා සිටී..

නමුත් ජනාධිපතිට මෙම නැගෙනහිර පර්යන්තය ලබාදීමට උවමනාව ඇති හෙයින් ඊට විරුද්ධව කැබිනට් ඇමතිවරු ගණනාවක් සිටින බවත් ඔවුන් නියම වෙලාවට ආණ්ඩුවෙන් ජීවිත බදිනු ඇති බවත් ඔවුහු පවසයි.

එම සංගමයේ සභාපතිවරයා සහ ප්‍රධාන ලේකම්වරයා අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්චාවකට එක්වෙමින් එම අදහස් පළ කර තිබේ.

හැකිනම් මේ සම්බන්ධ වන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්නැයිද අභියෝග කරන ඔවුන් කොළඹ වරායද ඉන්දියාවට දුන් දවසට ආණ්ඩුව අවසන් යයිද කියා සිටියහ.

Related posts

Leave a Comment