ප‍්‍රභාකරන්ට යලි පණ දෙන්න කෝපායිවලින් තරුණයෙක්….

එල්.ටී.ටී.ඊ. සංවිධානය යළිත් ජනතාව අතරට පත් කිරීමේ අදහසින් ප‍්‍රභාකරන්ගේ ඡායාරූපවලට විවිධ උත්තේජනාත්මක වැකි යොදමින් ජංගම දුරකතනයක් ඔස්සේ මිතුරන් දැණුවත් කළ තරුණයකු යාපනය කෝපායි පොලිසිය විසින් පෙරේදා 07 ​අත් අඩංගුවට ගෙන තිබේ.

​කෝපායි පොලිසියට ලබුණු තොරතුරක් මත අදාළ පුද්ගලයාගේ නිවස පරීක්ෂා කොට ඔහුගේ ජංගම දුරකතනය පරීක්ෂා කළ අවස්ථාවේදී ඔහුගේ දුරකතනයේ තිබී මෙම දර්ශන හමු වී තිබේ.

​අත්අඩංගුවට ගත් සැකකරු යාපනය මහෙස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුව ලබන 21 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙස මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කොට තිබේ.

​කෝපායි පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි

Related posts

Leave a Comment