යහපාලනය අවුරුදු 5ක් ගොවියට වස කවලා – ඇමති මහින්දානන්ද නව ක්‍රමවේදයක් සකසයි

එළඹෙන යල කන්නයේ සිට පොහොර ලබා දීමට පස පරීක්ෂා කිරීමෙන් පසු වාර්ථාව අනිවාර්‍ය බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

ඉතිහාසයේ පළමු වතාවට දිවයින පුරා සියලු දිස්ත්‍රික්ක තුළ ඉඩම්වල පස පරීක්ෂා කිරීමෙන් පසුව පොහොර ලබා දීමේ ජාතික වැඩපිලිවෙලක් ආරම්භ කොට ඇති බවද අමාත්‍යවරයා අද ප්‍රකාශ කළා.

සියලු ගොවිජන සේවා මධ්‍යස්ථානවලට පස පරීක්ෂා කිරීමේ කට්ටල ලබා දෙමින් ගොවියාට පහසුවෙන් පස පරීක්ෂා කිරීමේ වාර්ථාව ලබා ගැනීමේ අවස්ථාව ලැබෙන බව අද පෙරවරුවේ ජාතික වැඩසටහනේ සමාරම්භය මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේදී ආරම්භ කරමින් පෙන්වා දුන්නා.

මෙහිදී කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්  සහ කෘෂි උපදේශකවරුන්ට පස පරීක්ෂා කරන්නේ කෙසේද,එම කට්ටල භාවිතා කරන්නේ කෙසේද ගොවි ජනතාව ඒ සම්බන්ධයෙන් තාක්ෂණයෙන් සන්නද්ධ කරන්නේ කෙසේද  යන්න පිළිබඳව දැනුම ලබා දීම සිදු කරනවා.

මහනුවර දිස්ත්‍රික්කයේ  ජාතික  වැඩසටහන ආරම්භ වු අතර ඉදිරියේදි දිස්ත්‍රික්ක විසිපහම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

පස පරීක්ෂා කිරීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයේදී අදහස් දැක් වු අමාත්‍ය මහින්දානන්ද මැතිතුමා මෙසේද සඳහන් කළේය .

“අපේ රටේ කෘෂිකර්මයට වසර 2500ක ඉතිහාසයක් තියනවා.එදා මෙදාතුර ඉතිහාසයේ තවත් සුවිශේෂී දවසක් අද.අපේ රටේ ගොවියා හිතුවේ වැඩියෙන් පොහොර දැම්මොත් වැඩියෙන් අස්වැන්න ලැබෙනවා කියලා මනසේ ඇදිලා තිබුණේ. එහෙම පස පරීක්ෂා කරලා පොහොර භාවිතය පිළිබඳව ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න මෙතෙක් බැරි වුණා.

මේක ක්‍රියාත්මක කරන්න වෙහෙසුනත්  විශාල ධනස්කන්ධයක් මේ වෙනුවෙන් වැය වුණත් කිසි කෙනෙක්ට මෙය කරන්න බැරිවුණා.

මොකද පොහොර ආනයනකරුවන් ඒ වැඩපිලිවලට වඩා  ඉදිරියෙන් හිටියා.රටට පොහොර ගේන්න උවමනා වුණා මිසක් රටට වෙන හානිය,ගොවියට වෙන හානිය,පොළොවට වෙන හානිය කවුරුවත් සැළකුවේ නෑ.

පස පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථාන රටපුරා මිලියන ගණන් වැය කර ඉදිකර තිබුණත් දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛන උපදෙස් දීලා තිබුණත් එය මහ පොළොවේ යථාර්තයක් වෙලා තිබුණේ නෑ,දවසින් දවස පොහොර ඉල්ලුම වැඩිවුණා මිසක්.

ජනාධිපතිතුමා එතුමාගේ සෞභාග්‍යයේ දැක්මේ පැහැදිලිව කියලා තියනවා රසායනික පොහොර වෙනුවට කාබනික පොහොරවලට යොමු වන බවත් වස විසෙන් තොර ආහාර ජනතාවට ලබාදීමට පියවර ගන්නා බවත්.

ඒ අනුව ඊළග කන්නයේ සිට පොහොර ලබා දෙන්නේ ගොවි හැදුනුම්පත මගින් පස පරීක්ෂා කිරීමෙනි.

ගොවි හැදුනුම්පත වගේම සියලු විස්තර ජායාරූප සහිතව සකස් කර ඉඩමේ පස් පරීක්ෂා කිරීමේ වාර්ථාව අපි ගොවියා අතට දෙනවා.

ඒ කාඩ්පත අනුවයි ඊළග සිට කන්නයේ පොහොර නිකුත් කරන්නේ ලබා දෙන්නේ පස පරික්ෂාව ගොවි හැදුනුම්පත සමාන සියලු විස්තර ජායාරූප සහිතව සකස් කර ඉඩමේ පස පරීක්ෂා කිරීමේ වාර්තාව අපි ගොවියා අතට දෙනවා..අපි කවුරුත් මේ ගැන කතා කරන්නේ නෑ.අන්ධ ළමයි උපදිනවා,වකුගඩු රෝගීන්,පිළිකා රෝගීන් රටේ වැඩිවෙනවා රසායනික පොහොර භාවිතය නිසා.

මේ වැඩසටහන මීට පෙර පටන් ගත්තා නම් අද මේ රෝගීන් නෑ.මේ රෝග නිවාරණයට මිලියන ගණන් වියදම් කරනවා.නියමිත විදියට පොහොර භාවිතා කළා නම් අද අපේ රටේ තත්ත්වය ගොඩක් වෙනස්.

පහුගිය අවුරුදු පහේම පොහොර නෙවෙයි ගොවියට දීලා තියෙන්නේ වස.පරික්ෂණාගාර වාර්ථා වෙනස් කරලා පොහොර සංඝටක වෙනස් කරලා ටී.එස්.පී. පොහොර ගෙන්නලා තියෙන්නේ.

Related posts

Leave a Comment