නීතිපති තෙල් නැවෙන් බිලියන 3423 ක් වන්දි ඉල්ලයි

කුවේට් රාජ්‍යයේ සිට ඉන්දියාව බලා ප‍්‍රවාහනය කරමින් තිබූ බොරතෙල් තොගයක් ශී‍්‍ර ලංකාවට අයත් මුහුදු තීරයට කාන්දුවීමෙන් සිදු වූ සමුද්‍රිය පරිසර හානියට රුපියල් බිලියන 3423 ක් (ඇමරිකානු ඩොලර්) මිලියන 19,022 ක්වන්දියක් ගෙවන ලෙසට නීතිපතිවරයා එම්. ටී. නිව් ඩයමන්ඩ් නෞකාව හිමි සමාගමට දන්වා යවා ඇත.
 
 පසුගිය වසරේ සැප්තැම්බර් මස 3 වැනිදා සහ 2020.09.12 වැනිදා කාලය අතරතුරදී ශී‍්‍ර ලංකාවේ සන්ගමන්කන්ද තුඩුව සිට නැගෙනහිර දෙසට නාවික සැතපුම් 20-62 ත් අතර දුරින් පිහිටි ශී‍්‍ර ලංකා අනන්‍ය ආර්ථික කලාපයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ ගබඩා කොට තිබූ ඉන්ධන මෙටි‍්‍රක් ටොන් 400 කට අධික ප‍්‍රමාණයක් මුහුදට කාන්දු වී තිබිණි.
 
 එකී නෞකාවේ හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා නැවේ සවිකර තිබූ ගිනි නිවීමේ යන්ත‍්‍ර කි‍්‍රයාත්මක කිරීමට හෝ ගින්න පිළිබඳව නිසි බලධාරීන් දැනුවත් කිරීමට නෞකාවේ කපිතාන්වරයා විසින් නිසි පියවර නොගැනීම නිසා ගින්න පැතිර යෑමෙන් එහි ගබඩා කොට තිබූ ඉන්ධන අතිවිශාල ප‍්‍රමාණයක් මුහුදු ජලයට එකතු වී ඇති බව සිදු කළ විමර්ශන අනුව අනාවරණය වී තිබීම නිසා එකී වන්දිය ගෙවනා ලෙසට එකී නෞකාව අයත් සමාගමේ නීතිඥවරුන්ට දන්වා යැවීමට ද නීතිපතිවරයා පියවර ගෙන ඇත.
 
 එකී නෞකාවේ කපිතාන්වරයා ලෙස කටයුතු කළ ස්ටිරිරෝස් එලියාස් කර්දානි නමැත්තාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා දෙකක් යටතේ පසුගිය වසරේ ඔක්තෝබර් 8 වැනිදා නඩු පවරා තිබූ අතර එකී චෝදනාවලට වරද පිළිගැනීමෙන් අනතුරුව දඩයක්
ගෙවීමට මහාධිකරණය නියම කොට තිබිණි.

Related posts

Leave a Comment