ටී.එම්.වී.කේ. පක්ෂය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනා තුළින් මුස්ලිම්වරුන්ට සහ ද්‍රවිඩ ජාතිකයන්ට ඔවුන්ගේ ප්‍රදේශවල ස්වයං පාලනයක් ලබාදෙන ලෙස ඉල්ලා ඇත.
මේ නව යෝජනා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කමිටුව වෙත ඉදිරිපත් කර තිබේ.
ටී.එම්.වී.කේ. නායක සී. විග්නේෂ්වරන් මහතා එම යෝජනා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ද යොමුකරමින් ෆෙඩරල් ව්‍යවස්ථාවක් සඳහා ද්‍රවිඩ නායකයන් සමඟ සාකච්ඡා කරන ලෙස ඉල්ලා ඇත.
ශ්‍රී ලංකාවේ ඒකීය ව්‍යවස්ථාව රටට විනාශයක් බව ද විග්නේෂ්වරන් සිය යෝජනාවල සඳහන් කර තිබේ.