කැරොලයින්ව විනාශ කළේ චූලා – චන්දිමාල් සියල්ල හෙළිකරයි

ලෝක විවාහක රූ රැජින වූ කැරොලයින් ජූරි සහ චුලා පද්මේන්ද්‍ර එම අවස්ථාවේදී මත්පැන් පානය කර සිටි බව ඇතැම් අය පවසන බව ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරඟාවලි අධ්‍යක්ෂක ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පියෙකු වන චන්දිමාල් ජයසිංහ මහතා සඳහන් කළේය.

ඒ මහතා මෙම අදහස් පල කලේ යුටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමිනි.

කැරොලයින් ජූරි තරගාවලිය පුරාවට සිංහල කතා කරන අයට අඩු ලකුණු දුන් බවත් ඇයව විනාශ කළේ චුලා පද්මේන්ද්‍ර බවත් ඔහු සඳහන් කරයි.

පුෂ්පිකා ද සිල්වා දෙසැම්බර් වලට පෙර දික්කසාද වුණොත් ශ්‍රී ලංකා විවාහක රූ රැජින අහිමි වන බවද පැවසිය.

කැරොලයින් ජූරි කිරුළ ගැලවීම සැලසුම් සහගත කුමන්ත්‍රණයක් බවත් පුෂ්පිකා ද සිල්වා ලෝක විවාහක රූ රැජින කිරුළ දිනා ගනීවි යැයි ඊර්ෂ්‍යාවක් ඇයට තිබු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අදහස් පළ කළේ යූටියුබ් මාධ්‍ය නාලිකාවක් සමගින් සාකච්ඡාවකට එක්වෙමිනි.

Related posts

Leave a Comment