ජනතාවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

හෙට(12) මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාලය සාමාන්‍ය පරිදි විවෘතව තැබීමට තීරණය කර තිඛෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, එදින රජයේ නිවාඩු දිනයක් වුවද වේලාවක් වෙන්කර ගත් සේවාලාභීන් වෙනුවෙන් අදාළ කාර්යාල විවෘතව තැබෙන බවය. ඊට අමතරව කුරුණෑගල, ගම්පහ, අනුරාධපුරය, යාපනය සහ හම්බන්තොට කාර්යාල ද කලින් වේලාවක් වෙන්කර ගත් සේවාලාභීන් වෙනුවෙන් විවෘතව තැබේයි.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment