මේ අවුරුද්දේ නම් පළාත් සභා මැතිවරණය තියන්න වෙන එකක් නෑ

පළාත් සභා මැතිවරණය මේ වසර අවසාන වීමට පෙර අනිවාර්යයෙන්ම පවත්වන බව රජය විසින් ප්‍රකාශ කර ඇතත් එය එසේ සිදුකිරීමට හැකියාවක් නොලැබෙනු ඇති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ ඊයේ (10) අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ඔව් ඉතිං පළාත් සභා මැතිවරණය තියන්න නම් නව මැතිවරණ ක්‍රමය පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න ඕනෙ. ඉතිං ඒකෙ කෙටුම්පත හදලා, කොට්ඨාශ තීරණය කිරීම පිළිබඳව මහජනයාගෙ පැමිණිලි ඉදිරිපත් කරන්න කාලය දීලා, මේක නීතිපති අතට ගිහිල්ලා, නැවත කැබිනට් මණ්ඩලයට ඇවිල්ලා … මේ විදියට මේ ක්‍රියාදාමය යනකොට මං හිතන්නෙ මේ වසර තුළ නම් පළාත් සභා මැතිවරණය පවත්වන්න පුළුවන් වෙන එකක් නෑ”

Related posts

Leave a Comment