චීනයෙන් තවත් එන්නත් තොග‍යක් ඉක්වදෝරයට සහ තායිලන්තයට

චීනයෙන් මිලදී ගත් දෙවැනි එන්නත් තොගයද, ඉක්වදෝරයට ජාතික ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම සඳහා මේ සතිය මුලදී පළමු එන්නත් තොගය පැමිණීමෙන් පසුව ලබාගෙන ඇති බව වාර්තා වෙයි. එහි පළමු හා දෙවැනි එන්නත් තොග පසුගිය පෙබරවාරි 24 සහ මාර්තු 20 යන දිනවල තායිලන්තයට ලබාදී තිබුණි. සෞඛ්‍ය, අධ්‍යාපන හා හමුදා ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්ට මෙන්ම වැඩිහිටියන්ට එන්නත් කිරීමේ වැඩසටහනේ පළමු අදියර වෙනුවෙන් ඉක්වදෝරය මේ වනවිට ප්‍රමුඛත්වය දී තිබේ. මේ වන විට රට තුළ තහවුරු වී ඇති කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 344,877කි. මේ අතර, ඊයේ (10දා) චීනයේ සීනොවැක් වෙතින් තායිලන්තය ඇණවුම් කළ කොවිඩ්-19 එන්නත් මාත්‍රාව මිලියනයක තුන්වැනි තොගය බැංකොක් වෙත පැමිණියේය.

Related posts

Leave a Comment