තෙවැනි වරටත් ලා සුෆ්රියර් ගිනි කන්ද පුපුරයි

නිලධාරීහු පවසන්නේ කැරිබියානු දූපතක් වන සෙන්ට් වින්සන්ට්හි ලා සුෆ්රියර් ගිනි කන්ද තුන්වැනි වරටත් පුපුරා ගිය බවයි. ගිනි කන්ද පුපුරනසුලු ක්‍රියාකාරකම්වල කාල පරිච්ඡේදයන් අඛණ්ඩව පෙන්නුම් කරන බව බටහිර ඉන්දීය කොදෙව් භූ කම්පන පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා පැවසීය. තෙවැනි පිපිරීම පළමු පිපිරීම් දෙකට වඩා කුඩා බව පෙනෙන බවත්, ගිනි කන්දෙහි ක්‍රියාකාරිත්වය අධීක්ෂණය කිරීම සඳහා මෙම මධ්‍යස්ථානය පළාත් පාලන ආයතන සමග කටයුතු කරන බවත් සඳහන් වෙයි. ඊයේ (10දා) සෙන්ට් වින්සන්ට් සහ ග්‍රෙනඩින්ස් ජාතික හදිසි කළමනාකරණ සංවිධානයේ ට්විටර් සටහනකට අනුව උදෑසන දූපත් වැසියන් අධික අළු පතිත වීමකට හා දැඩි සල්ෆර් දුගඳකට මුහුණදී ඇත.

Related posts

Leave a Comment