බීමත් යුද හමුදා රියදුරා වාහන රැසක් හප්පයි

කටුගස්තොට පොලීසියේ රථවාහන අංශය පවසන්නේ අධික බීමතින් රිය පදවමින් මහනුවර කටුගස්තොට පාරේ ගමන් කරමින් තිබූ වාහන පහක් අනතුරට ලක්කළ බව කියන යුධ හමුදා රියදුරු අත්අඩංගුවට ගත් බවයි. එම යුද හමුදා රියදුරා සෙනසුරාදා (10) රාත්‍රී 8 .30 ට පමණ කටුගස්තොට මාර්ගයේ නිත්තවෙල බිංගය අසලදි ඔහු පදවමින් සිටි යුද හමුදා නිල රථය මහ මඟ ගමන් කරමින් තිබූ වාහන පහක එසේ අනතුරට ලක් කරමින් රිය ධාවනය කර ඇති අතර පසුව ඔහු කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්. එස්. එස්. උවින්දසිරි මහතාගේ උපදෙස් පරිදි රථ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදාර මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

Leave a Comment