ලෙජන්ඩ් හා ජාතික කණ්ඩායම අතර තරඟයට ඩිල්ශාන්ගේ විරෝධය

ශ්‍රී ලංකා ලෙජන්ඩ් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම අතර යෝජිත ක්‍රිකට් තරගය නුසුදුසු හා අනවශ්‍ය බව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක ටී එම් ඩිල්ශාන් පවසයි.

රූපවාහිනී නාලිකාවක් අමතමින් ඩිල්ශාන් කියා සිටියේ මෙම තරගය ජාතික කණ්ඩායමට අනවශ්‍ය මානසික ආතතියක් ඇති කරන බවයි.

ලෙජන්ඩ්ස් සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම අතර තරගය මැයි 4වන දින පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබේ.

ලෝක කුසලාන තරගාවලියක් ඇතුළුව බංග්ලාදේශ තරගාවලියකටද මුහුණ දීමට පෙර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම දැඩි පීඩනයකට ලක් නොකළ යුතු යැයි තමා සිතන බව දිල්ෂාන් පවසයි..

Related posts

Leave a Comment