ජනවාරි‍යේ සිට මේ දක්වා 580ක් රිය අනතුරුවලින් මිය ගිහින්

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයන් 580ක් ජනවාරි 01 සිට මේ දක්වා මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයන් 05 දෙනකු පෙරේදා (10) මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පැවැසීය.

වසරේ වැඩිම රිය අනතුරු සිදුවන්නේ අප්‍රේල් මාසයේ බවත් එයිනුත් අප්‍රේල් 10 සිය 20 දක්වා කාලය තුළ වැඩිම රිය අනතුරු සිදු වන කාලය බවත් එබැවින් මාර්ග නීතිවලට අනුගතව මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොරව රිය පදවන ලෙසත් පදිකයන්ද සැලකිලිමත්ව ගමන් කරන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා සිටී. බීමත් රියැදුරන් පමණක් නොව විවිධ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පෙරේදා (10) සිට දිවයිනේ සියලුම පොලිස් ස්ථාන එක්ව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර මාර්ග නීති කඩකරන රියදුරන් අත්අඩංගුවට ගැනීමට සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් පොදු ප්‍රවාහන සේවාවල යොදවා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

Related posts

Leave a Comment