ප්‍රථම වතාවට ගම්මිරිස්වලට ස්ථාවර මිලක්

වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ගම්මිරිස් ගොවීන්ට ස්ථාවර මිලක් ලබාදී ඇති බවත්, ඒ අනුව සතොස අලෙවිසල්වලින් ගම්මිරිස් ග්‍රෑම් සීයක් රුපියල් එකසිය හැටක් වැනි අඩු මුදලකට ගත් හැකි බවත් ය. මෙම අවස්ථාවට ගම්මිරිස් වගාව පිළිබඳ විෂය භාර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ද සහභාගී විය. ඉතිහාසය පුරාම දේශීය ගම්මිරිස් ගොවියාට සිය නිෂ්පාදන අලෙවි කරගත නොහැකි තත්ත්වයක් ඇති කරමින් මෙන්ම, එම නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් නොලැබීම හේතුවෙන් ගොවීන්ට සිදු වූ අසාධාරණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ වත්මන් රජයේ ඍජු මැදිහත් වීම තුළ ගොවියාට හා රජයටත්, පාරිභෝගික ජනතාවටත් ඉතාමත් ලාභදායී අන්දමින් ගම්මිරිස් මිල ගණන් පවත්වා ගත හැකි වූ ආකාරය මෙහිදී අමාත්‍යවරයා පැහැදිලි කරන කළේය. ඒ මහතා මේ බව සඳහන් කළේ ගම්මිරිස් මිල ස්ථාවර කිරීම පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවක් වෙළෙඳ අමාත්‍යාංශයේ පැවැති අවස්ථාවට එක් වෙමින්ය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා මෙසේද කීය. අතරමැදියන් අධිප්‍රමාණික ලාභ ලැබීම සඳහා වෙළෙඳපොළට ගම්මිරිස් ග්‍රෑම් 100ක් රු.250ත් 300ත් අතර මිලකට නිකුත් කර තිබියදී, රජයේ මැදිහත් වීමෙන් පසුව සතොස අලෙවිසල් ජාලය හරහා පාරිභෝගිකයාට ගම්මිරිස් ග්‍රෑම් 100ක් රු.160ක් වැනි ඉතා අඩු මිලකට ලබා දීමට කටයුතු කළා. ගම්මිරිස් සම්බන්ධයෙන් ඍජුවම මැදිහත්ව කටයුතු කළ විෂය භාර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මෙම ගම්මිරිස් වගාකරුවන් හා ඍජු සම්බන්ධීකරණයෙන් හා ඔවුන්ගේ ගැටලු සඳහා පිළියම් යෙදීම සඳහා මෙලෙස කටයුතු කිරීමත් එම ගම්මිරිස් තොග සඳහා වෙළෙඳ අමාත්‍යාංශය හා ඒකාබද්ධව වෙළෙඳපොළ සකසා ගැනීමට කටයුතු කිරීම තුළ දේශීය ගම්මිරිස් වගාකරුවා ද, රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව හා සතොස අලෙවිසල් ජාලයද ඉතාම වගකීමෙන් යුතුව ගුණාත්මක බවින් ඉහළ ගම්මිරිස් ඉතාම අඩු හා සාධාරණ මිලකට පාරිභෝගිකයාට නිකුත් කිරීමේ හැකියාව ලබා ගත්තා. ගම්මිරිස් මිළ සතොස මඟින් මෙලෙස ස්ථාවර කිරීමට කටයුතු කිරීම හේතුවෙන් අනෙකුත් පෞද්ගලික සුපිරි වෙළෙඳසල් ජාලයද මීට අනුගත වන්නේ නම් රජයක් වශයෙන් කෘතඥ වනවා.

උපුටා ගැනීම – දිණමින ඵුවත්පතිනි.

Related posts

Leave a Comment