ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සෙවීම අත්හැරලා

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසන්නේ යාපනයේ නගරාධිපතිවරයා ත්‍රස්තවාදියකු ලෙස හංවඩු ගසමින් ඊට මුවා වී ආණ්ඩුව පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහ මොළකරුවන් සෙවීමේ කටයුත්ත අත්හැර තිබෙන බවයි. හෙතෙම මේ අදහස් පළ කළේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. හිටි හැටියේ පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු බවට පුද්ගලයකු නම් කරමින් ආණ්ඩුව ජනතාව නොමඟ යවන්නට උත්සාහ කරන බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය. යාපනය නගරාධිපති අත්අඩංගුවට ගැනීම වැනි සිදුවීම් හරහා සැබෑ ප්‍රශ්න යට ගසමින් නැති ප්‍රශ්න ඉස්මතු කොට සිය එදාවේල දේශපාලනය කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව ද ඔහු කියා සිටියේය.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment