චීනයේ කොවිඩ් එන්නත මිලියන 165කට ලබාදීලා


චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවේ (NHC) රෝග පාලන කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වු ලියාන්ගු පවසන්නේ, චීනය විසින් කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා මිලියන 164.47ක් පසුගිය සෙනසුරාදා වනවිට ලබා දී ඇති බවත්, එය ලොව දෙවැනි වැඩිම එන්නත් ලබාදී ඇති රට චීනය බවත්ය. එක්සත් ජනපදය විසින් කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා මිලියන 184ක් පමණ ඒ වනවිට ලබා දී ඇති අතර, එන්නත් මාත්‍රා මිලියන 238ක් පමණ බෙදා හැර ඇති බව එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන පවසයි. එහිදී චීනය එන්නත් ලබාදීමේදී ප්‍රධාන කණ්ඩායම්, අධි අවදානම් කණ්ඩායම් සහ වෙනත් කණ්ඩායම්වලට ප්‍රමුඛතාව දෙමින් මෙම එන්නත්කරණය පිළිවෙලින් සිදුකරන අතර, එමගින් එන්නත් ආවරණය ක්‍රමයෙන් වැඩි දියුණු කරන බවද ලියාන්ගු පවසයි. ප්‍රධාන කණ්ඩායම් අතරට රැකියා ස්ථානයේ වෛරස් නිරාවරණය වීමේ වැඩි අවදානමක් ඇති පුද්ගලයන්, විදේශයන්ගෙන් ආසාදනය වීමේ අවදානමක් ඇති පුද්ගලයන්, සමාජයේ මූලික ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යන ප්‍රධාන තනතුරුවල සේවය කරන පුද්ගලයන්, දේශසීමා කලාපවල හෝ සේවයේ නියුතු පුද්ගලයින් හෝ ශ්‍රමයෙන් දැඩි කර්මාන්ත සහ හොඳ ශාරීරික තත්ත්වයේ පසුවන සහ විශේෂ හේතූන් මත එන්නත ලබාගත යුතු වැඩිහිටියන් සිටින බව කියයි. මේ අතර, කොමිසමේ ප්‍රකාශක මයි ෆෙන්ග් ඊයේ මාධ්‍ය හමුවකදී පැවසුවේ චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව විසින් කොවිඩ්-19 මර්දන එන්නත් ලබා ගැනීම අනිවාර්යයක් වෙනුවට ස්වේච්ඡාවෙන් හා දැනුවත් පදනමක් මත ලබා ගැනීමට උනන්දු කරවන බවත්ය.

Related posts

Leave a Comment