අධිවේගයේ වැඩ පෙන්නූ මෝටර් රථයේ හිමිකරු අල්ලයි – සියලු දෙනාටම නඩු

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස අන් අයටද බාධාවන ලෙස ගමන් කරන ලද මෝටර් රථයේ මුල් හිමිකරුවා පොලීසියට කැඳවා තිබේ.

වාහනයේ ගමන් කල සෙසු පුද්ගලයන්ද පොලිසියට කැඳවාගෙන එන ලෙස දැනුම් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ඔවුන්ට අද දිනයේ අධිවේගී මාර්ග කොට්ඨාස පොලිස් ඒකකයට කැඳවා ඇති බවත් එම අවස්ථාවේ මෝටර් රථය පැදවූ පුද්ගලයාටත් එහි ගමන් ගත් සියලු දෙනාට නඩු පවරන බවද ඔහු පැවසීය.

මාවනයේ පලමු හිමිනරු මහනුවර පේරාදෙණියේ පදිංචිකරුවෙක් බවත් ඔහු පසුව එම රථය අකුරණ ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා ඇති බවත් පොලිසිය සොයා ගෙන තිබේ.

Related posts

Leave a Comment