ඉරාකයට කොවිඩ් එන්නත් චීනයෙන්

ඉරාකයේ දෙවන කොවිඩ් එන්නත්කරණ වැඩසටහන සඳහා තවත් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා තොගයක් පරිත්‍යාගයක් ලෙස ලබාදීමට චීනය පියවර ගෙන තිබේ.

සිනෝෆාම් එන්නත් මාත්‍රා තොගයක් එලෙස පරිත්‍යාග කර ඇති අතර ඉරාක සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අදාළ එන්නත් තොඟය නිල වශයෙන් භාර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය මාර්තු මස දෙවන දා ආරම්භ කළ ඉරාකයේ කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන සඳහා ද කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට චීනය මීට පෙර කටයුතු කළ තිබුණි.

ඒ අනුව, යුදමය වාතාවරණයක් පවතින ඉරාකයට කොවිඩ් මර්දන එන්නත් පරිත්‍යාග කළ ලොව පළමු රට බවට චීනය පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Related posts

Leave a Comment