කවදාවත් මේ කෑම හිස් බඩ කන්න එපා…!!!

පෝෂ්‍යදායි උදේ ආහාර වේලක් කියනකොටම ගොඩක් අයගේ ඔළුවට එන්නේ කෝපි කෝප්පයක් ,දෙහි බීම වීදුරුවක් නැත්නම්  යෝගට් එකක්.  ඒත් මේ විදියට ආහාර වර්ග ගන්න ගොඩක් අය හිස්බඩ මේවා කෑමට ගන්න එක ශරීරයට අහිතකර බව දන්නේ නෑ.  අපි ඔයාලට කියන්න යන්නේ  ඒ වගේ හිස්බඩ ආහාරයට ගත්තම ශරීරයට හානියක් වෙන සහ එසේ හානියක් නොවන  ආහාර වර්ග කිහිපයක් ගැන.

මුලින්ම හිස්බඩ ආහාරයට ගැනීමට සුදුසු නොවන ආහාර ගැන බලමු.

හිස්බඩ ආහාරයට ගැනීමට සුදුසු නොවන ආහාර
  • ශෝට් ඊට්ස් සහ පේස්ට්‍රි වර්ග  

ශෝට් ඊට්ස් සහ පේස්ට්‍රි වර්ගවල ඊස්ට් අඩංගු වෙනවා කියලා කවුරුත් දන්නවා. ඒ නිසා මේ ආහාර වර්ග හිස්බඩ ගන්නකොට  ආමාශ බිත්ති වල දැවිල්ල ඇති කරනවා. ඒ වගේම උදරයේ වාතය පිරෙන එකටත් මේක හේතු වෙන්න පුළුවන්.  

  • රසකැවිල

රසකැවිලි නැත්නම් පැණි රස කෑම, හිස්බඩ කෑවම ශරීරයේ ඉන්සියුලීන් මට්ටම ඉහළ යන නිසා අග්න්‍යාශයේ ක්‍රියාකාරීත්වය උදෙන්ම   වැඩි වෙනවා. මේ නිසා ඉක්මනින් දියවැඩියා රෝගය වැළඳීමේ සම්භාවිතාවය වැඩි වෙනවා.

  • යෝගට් සහ මුදවපු කිරි 

හිස් බඩ යෝගට් වගේ කිරි ආහාර ගත්තම උදරයේ හයිඩ්රොක්ලොරික් අම්ලය නිපදවෙනවා. එමඟින් කිරි ආහාරවල අඩංගු වෙන ලැක්ටික් ඇසිඩ් බැක්ටීරියා විනාශ වෙලා යනවා. මේ හේතුව නිසා තමයි මේ වගේ ආහාර හිස්බඩ ගන්න එක ශරීරයට නුසුදුසු වෙන්නේ.

  • පෙයාස් 

හිස්බඩ පෙයාස් ආහාරයට ගත්තොත් ඒවායේ තියෙන රළු කෙඳි  වලින් උදරයේ මෘදු ශ්ලේෂ්මල පටලයට තුවාල වෙන්න පුළුවන්.   

  • තක්කාලි  

තක්කාලි කියන්නේ ආම්ලික පලතුරක්. ඒවායේ ටැනික් අම්ලය ඉතා විශාල ප්‍රමාණයක් අඩංගු වන නිසා උදරයේ ආම්ලිකතාවය තවත් ඉහළ යනවා. මේ නිසා උදරයේ gastric තුවාල  ඇති වෙන්නත් පුළුවන්.

  • පිපිඤ්ඤා සහ වෙනත් කොළපාට එළවළු

පිපිඤ්ඤා සහ කොළපාට එළවළු කියන්නෙත් උදෑසන හිස්බඩ ආහාරයට ගන්න හොඳ නැති ආහාර කියලා ඔයා දැනගෙන හිටියද?ඒවායේ  ඇමයිනෝ අම්ල විශාල ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඒ නිසා බඩ පපුව දැවිල්ල, බඩේ වාතය පිරීම සහ උදරයේ වේදනාව යන තත්ව ඇති වෙන්න පුළුවන්. 

  • කෙසෙල් ගෙඩි 

හිස් බඩ කෙසෙල් ගෙඩි ආහාරයට ගන්න එක නුසුදුසු වෙන්න හේතුව ලේවල මැග්නීසියම් ප්‍රමාණය අධික ලෙස ඉහළ යන නිසා. මේක හදවතටත් අහිතකර වෙනවා.

  • සැර ආහාර වර්ග  

මිරිස් වර්ග වගේ සැර කුළුබඩු භාවිත කරලා හදන ආහාර වර්ග හිස්බඩ ආහාරයට ගත්තොත් ආමාශයික තරලයට හානි වෙන්න පුළුවන්. මේ නිසා සුලබ ආහාර අජීර්ණ රෝග රාශියක් ඇති වෙන්නත් පුළුවන්. 

  • කාබනීකෘත සිසිල් බීම වර්ග  

සිසිල් කරන ලද කාබනීකෘත බීම වර්ග හිස්බඩ පානය කළොත් මෘදු ශ්ලේෂ්මලය ට හානි වෙන්න පුළුවන්. මේ නිසා උදරයට සැපයෙන ලේ ප්‍රමාණය අඩු වෙනවා. ආහාර ජීර්ණ ක්‍රියාවලිය මන්දගාමී වෙන්නේ මේකේ අතුරු අබාධයක් ලෙස. 

  • පැඟිරි සහිත පලතුරු

පැඟිරි සහිත පලතුරු කියන්නේ නාරං, දොඩම්, දෙහි වගේ ඇඹුල් රසක් තියෙන පලතුරුවලට. ඒවායේ සිට්‍රික් ඇසිඩ් අඩංගු වෙන නිසා උදරයේ ආම්ලිකතාවය වැඩි කරනවා. මේ නිසා උදරයේ දැවිල්ල වගේම ආමාශයික තුවාල ඇති වෙන්නත් පුළුවන්.

මුලින් සඳහන් කරපු ආහාර හිස්බඩ ගන්න නුසුදුසු නම් සුදුසු ආහාර මොනවද? දැන් අපි බලමු ඒ මොනවද කියලා.

හිස්බඩ ආහාරයට ගැනීමට සුදුසු ආහාර.
  • ඕට්ස්

ඕට්ස් ආහාරයට ගත්තම ආමාශයික බිත්ති වටේට ආරක්ෂිත තරලයක් නිෂ්පාදනය කරන නිසා hydrocloric acid වලින් සිදු වෙන  හානිය අවම වෙනවා. ඒ වගේම ඕට්ස් වල තියෙන ද්‍රාව්‍ය තන්තු මඟින් ඇඟේ කොලෙස්ටරෝල් මට්ටමත් පාලනය කරනවා.

  • බක්වීට් පිටි 

යකඩ, විටමින් සහ ප්‍රෝටීන් විශාල ප්‍රමාණයක් අඩංගු පෝෂදායි ආහාරයක් වන බක්වීට් පිටි වලින් ආහාර ජීර්ණ පද්ධතිය මෘදු ලෙස උත්තේජනය කරනවා.  

  • ඉරිඟු කැඳ

උදෙන්ම Cornmeal porridge නැත්නම් ඉරිඟු කැඳ ආහාරයට ගත්තම දවස පුරාවටම බඩ පිරුණු ගතියක් දැනෙනවා.මේවා ශරීරයේ තියෙන බැරලෝහ සහ වෙනත් විෂ වර්ග ඉවත් කරන්න දායක වෙනවා වගේම බඩවැල් වල ඉන්න ක්ෂුද්‍රජීවින් සමනය කරනවා.  

  • බීජ තිරිඟු 

එක දවසකට අවශ්‍ය වෙන විටමින් E ප්‍රමාණයෙන් 15%ක් සහ folic acid ප්‍රමාණයෙන් 10%ක් බීජ තිරිඟු තේ හැඳි දෙකක් ආහාරයට ගත්තම ඔයාට ලබා ගන්න පුළුවන්. මීට අමතරව ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාවලිය වඩාත් සුමට කරගන්න පුළුවන්. 

  • බිත්තර

සමීක්ෂණවලට අනුව උදෑසන ආහාර වේලට බිත්තර එක්කර ගත්තම දවස පුරාම ඔයා ගන්න කැලරි ප්‍රමාණය ඉතා විශාල වශයෙන් අඩු කර ගන්න පුළුවන්.

  • කොමඩු 

කොමඩුවලින් ඔයාගේ ශරීරයට උදෑසන අත්‍යාවශ්‍ය දියර විශාල ප්‍රමාණයක් ලබාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. හදවතට සහ ඇස් වලට කොමඩු වල තියෙන ලයිසොපීන් ඉතා හිතකර වෙනවා.

  • බ්ලුබෙරි.

දිනපතා blueberry ආහාරයට ගත්තම මතක ශක්තිය දියුණු වෙන බව දැන සිටියාද? මෑතකදී සිදු කළ පරීක්ෂණ කිහිපයකට අනුව ඒ බව සනාථ වෙලා තියෙනවා. මීට අමතරව පරිවෘත්තීය ක්‍රියාවලිය සහ රුධිර පීඩනය ක්‍රමවත් කරන්නත් blueberryවලට පුළුවන්.

  • ඊස්ට් නොයදූ පරිපූර්ණ ධාන්‍යමය පාන්

ශරීරයට අත්‍යවශ්‍ය කාබෝහයිඩ්‍රේට් සහ වෙනත් පෝෂපදාර්ථ පාන්වල අඩංගු වෙනවා. හැබැයි පාන් ආහාරයට ගන්න සුදුසුම උදෑසන ආහාර වේලට.

  • ඇට වර්ග

ආමන්ඩ්,වොල්නට්,හේසල්නට් වගේ ඇට වර්ග උදේ ආහාර වේලට එකතු කර ගත්තොත් ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් වනවා වගේම උදරයේ pH අගය සමනය කරනවා.

  • මී පැණි

උදෑසන ආහාරයට මී පැණි එකතු කරගත් විට සිරුර පිබිදීමටත් අවයව වලට ක්‍රියාත්මක වීමටත් අවශ්‍ය ජවය ලබා දෙනවා.  සෙරොටනින් නැත්නම් ප්‍රීතිමත්භාවය ඇති කරවන හෝමෝනය ඉහල දානවා වගේම බුද්ධිමය ක්‍රියාවලීන්ද තියුණු කරනවා.

Related posts

Leave a Comment