සතොස සහන මල්ලට චෝදනා නැඟූ අසේලට කෝටි 50ක් ඉල්ලා එන්තරවාසි යවනවා

සතොස සහන මල්ලට අභූත චෝදනා එල්ල කළ ආපනශාලාහිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතාට එරෙහිව රුපියල් කෝටි 50 ක වන්දි ඉල්ලා එන්තරවාසී යැවීමට කටයුතු කරන බව වෙළෙඳ ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (11) පැවැසීය.

මේ වන විට ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට තමන් නීතීඥවරයාට දැනුම් දී තිබෙන බවද හෙතෙම කීවේය.

ජනතාව වෙනුවෙන් ලබා දෙන මෙම සහන මල්ලට මේ වන විට විවිධ පුද්ගලයන් අභූත චෝදනා එල්ල කරමින් සිටින බවත් ඒ සියලු දෙනාට එරෙහිව නීති මඟින් කටයුතු කරන බවත් ඇමැතිවරයා පැවැසීය.

සතොස සහන මල්ලට අභූත චෝදනා එල්ල කළ

අසේල සම්පත් මහතා ඉකුත් දින මාධ්‍ය හමුවක් පවත්වමින් සතොස සහන මල්ලේ තිබෙන භාණ්ඩ ප්‍රමිතියෙන් තොර ගුණාත්මක බවෙන් තොර යැයි පවසා තිබේ. මේ නිසා එම භාණ්ඩ සැපයු සැපයුම් කරුවන් හා රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව, ලංකා සතොස ආයතන මඟින් ඒ සම්බන්ධයෙන් පොලිසිවලට සිදුකළ පැමිණිලි කර තිබේ. වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියද මේ සම්බන්ධයෙන් පොලිස් පතිට පැමිණිලි කර තිබේ. මීට අමතරව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේද මේ සම්බන්ධයෙන් කතා කරමින් මෙවැනි අභූත චෝදනා කරන අය කඩිනමින් පොලිස් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලීමක් කළේය.

Related posts

Leave a Comment