සපුගස්කන්දේදී කෝටි 100ක අයිස් අත්අඩංගුවට

රුපියල් කෝටි 100ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්රෑම් 100ක් සමඟ සැකකරුවන් පස්දෙනෙක් සපුගස්කන්ද රක්ගහවත්ත ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබේ. ජා-ඇළ ප්‍රදේශයේදී පෙරේදා (11) අත්අඩංගුවට ගත් පුද්ගලයන් සිව් දෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරුවලට අනුව මේ අයිස් තොගය අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඉහළ නිලධාරියෙක් පැවැසීය. ඔවුන් සතුව තිබී රුපියල් කෝටි 13 අධික අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 13ක් අතංඅඩංගුවට ගත් බවත් මෙම ජවාරමට එකම පවුලේ මව පියා සහ දරුවන් දෙදෙනකු හවුල් බව සිදු කළ විමර්ශන අනාවරණය කළ බව කියා සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඔවුන්ගෙන් දීර්ඝ ලෙස සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම අයිස් කිලෝ 100 සොයා ගත් බවත් කියා සිටියේය. එම වැටලීමේදී අයිස් ඇතුළත් මත්ද්‍රව්‍ය පාර්සල් 91ක් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි අයිස් කිලෝ 100ට වඩා වැඩි ප්‍රමාණයක් ඇති බවත් මෙම ජවාරම පිටිපස සිටන්නන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියා සිටි අතර පසුගිය දින දෙක තුළ කොළඹ අවටින් අවස්ථා දෙකකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 113ක් අතංඅඩංගුවට ගැනීමට හැකි වූ බවත් කියා සිටියේය. මෙම මත්ද්‍රව්‍ය ජාලයේ සුලමුල සොයා තවදුරටත් විමර්ශන සිදු කරේ.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment