ඇෆ්ලටොක්සීන් අඩංගු තෙල් තොගයක් ආපසු යවයි

මෙරටට මැලේසියාවේන් ආනයනය කර තිබු ඇෆ්ලටොක්සීන් නමැති පිළිකා කාරකය අඩංගු පොල්තෙල් තොගය ප්‍රතිඅපනයනය කිරීම සඳහා කොළඹ වරායේ SAGT පර්යන්තයේ නවතා ඇති බාවරා නෞකාවට පැටවීම ඊයේ (12) පෙරවරුවේ ආරම්භ කළ අතර පස්වරු 5 ට එම නෞකාව මැලේසියාව දක්වා ගමන් ආරම්භ කළේය. එලෙස ප්‍රතිඅපනයනය කෙරෙන්නේ කටාන රිෆයිනරීස් සමාගමට අයත් පොල්තෙල් අඩංගු බහාලුම් 6කි. එම පොල්තෙල් තොගය අප්‍රේල් මස 6 වන දින ආනයනයකරුගේ පෞද්ගලික ගුදමේ සිට කොළඹ වරායේ SAGT පර්යන්තය වෙත රේගු නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ රැගෙන විත් තිබිණි. මෙම පොල්තෙල් තොගයේ වටිනාකම රුපියල් කෝටි 3කට අධික වන අතර පොල්තෙල් කිලෝ 105000 ක් මෙම බාහලුම්වල අඩංගු වේ. ප්‍රතිනැව්ගත කිරීම අධීක්ෂණය කිරීම සඳහා රේගු අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතාගේ උපදෙස් මත, රේගු නිවාරණ අංශයේ සහ රේගු මධ්‍යම භාණ්ඩ පරීක්ෂණ අංශයේ නිලධාරීහු පිරිසක් කොළඹ වරායේ SAGT පර්යන්තය වෙත පැමිණ සිටියහ.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment